Monday, April 11, 2011

රුක්වරයා................

2011 නව වසර සියලු දෙනාටම සුභම  සුභ අවුරුදදක් වේවා වේවා කියලම පටන්ගමු..
පහුගිය ටිකේ විභාග නිසා මොකුත් කරන්න බැරි උනා..කමක් නෑ අද මම රුක්වරයා ගැන කියන්නයි යන්නේ...

රුක් චෙස් පුවරුවේ ඉන්න වටිනාකම 5ක් ගන්න ඉත්තෙක්.රුක් පුවරුවේදි හදුනගන්න  හරිම පහසුයි එයට හේතුව එහි හැඩය කුලුනක් ආකාර්යෙන් තිබීම තමා.



හැබැයි රුක්ට වෙනත් ඉත්තන් ඉහලින් පනින්න බැහැ.ඒ වගේම තමා රුක් චෙස් පුවරුවේ කොන් 4 ඔවුන් සිටින ස්ථාන තමා.



රුක් ගේ ගමන් මාර්ගය වෙන්නෙ තිරස් සහ සිරස් කොටුයි.




ඒ වාගේම තමා රුක් ඉත්තන් කපනවිට ඔහුගේ ගමන්මගේ හමුවන පලමු ප්‍රතිවාදි ඉත්තා කපන්න පුලුවන්...



ඔන්න ඔහොම තමා රුක් චෙස් පුවරුව තුල හසුරවන්න ඔනි... මම හිතනවා ඔයලා ඉතා පහසුවන් රුක් ගැන අවබොධයක් ලබාගත්තා කියලා.. මම අනික් දවසේ බිශොප් ගැන කියනවා...............

ඔයලට යම් ගැටලුවක් තියන්වනම් comment එකක් එහෙම දාන්නකෝ.......
ඔයලට ජයවෙවා..................

Tuesday, February 22, 2011

චෙස් පුවරුවක ඉත්තන්

ම්ම් හුග කලයකට පස්සේ තමා ලිපියක් ලියන්න පුලුවන් උනේ.. එකට කමක් නෑ අද මම
කියුව වාගේ ඉත්තන් ගැන කියල දෙන්න යන්නේ..


දැන් අපි දන්න ආකාරයට චෙස් පුවරුවක ඉත්තන් 32ක් ඉන්නවා උනාට ඉත්තෝ වර්ග ඉන්නේ 6ක් විතරයි.
සෙබළා(Pawn), රුක්(Rook), නයිට්(Knight) ,බිශොප්(Bishop), රජු(King), රැජින(Queen) යන කට්ටිය තමා..

 අපි එහෙනම්  එක එක ඉත්තන් පිළිබදව ඉගෙනගමු..

සෙබළා(Pawn)
  සෙබළා නැත්තම් " පෝන්" කියලා හදුන්වන මේ ඉත්තා චෙස් පුවරුවේ ඉන්න ඉතා වැදගත් කෙනෙක් තමා .. ඕනෑම පුවරුවක Pawn ලා 8ක්  එකපැත්තට ඉන්නවා .



 

ඉතින් මේ ඉත්තන් නියම ආකාරයට මෙහෙයවන්න තමා ටිකක් අමාරු.... අපි ඒ ගැන පස්සෙ කතා කරමු...

අපි සෙබළෙක් ගැන සලකන විට ,ගමන් මග ඉතා වැදගත් වෙනවා.අත්තෙන්ම සෙබළා අනික් ඉත්තන්ට වඩා ගමන් මග අමුතුයි . ඔහු සෑම අවස්ථාවකදීම ගමන් කරන්නේ ඉදිරියට පමණයි. 




ඉහත රුපයෙන් ඒ පිළිබදව හොද අවබෝධයක් ගන්න පුලුවනි.. අපි පෝන්වරයෙක් ඉදිරියට ගෙනයනවිට එක්කෝ කොටු 2ක් ඉදිරියට චලනය කරන්න පුලුවන් එහෙම නැත්තම් කොටු 1ක් විතරක් ඉස්සරහට ගන්න පුලුවන් හැබැයි මුලින්ම කොටු 1ක් ඇද්දොත් ආය කොටු 2ක් එකවර චලනය කරන්න බෑ...... ඒ වගේම තමා මුලින් කොටු 2ක් ඇද්දොත් එම ඉත්තාට ඉදිරියට යා හැක්කේ 1 කොටුව ගානේ තමා..

ඊට පස්සේ අපි සෙබළෙකුගෙන් අනික් ඉත්තන් කපන අකාරය බලමු

සමහරවිට ඔයගොල්ලන් දාම් සෙල්ලම් කරලා අති නමුත් අපි ඒ ආකාරයට ඉත්තන් කපන්නේ නෑ පහත රුපයෙන් ඒ ගැන හොදට බලාගන්න පුලුවනි


රුපයෙන් පෙනෙන ආකාරයට සෙබළාගේ දෙපසින් ඉන්න ඉත්තන් පමනක් කපන්න පුලුවනි..හබැයි එකවරකට කපන්න වෙන්නේ එක් ඉත්තෙක් පමණයි.
මම හිතනවා මෙම කොටසින් Pawn ගැන දැනුමක් ගත්ත කියලා... අපි අනික් කොටසින් රුක් පිලිබදව ඉගෙනගමු.

Friday, February 4, 2011

චෙස් පුවරුව...

ඉතින් මම කියුව විදිහට මේ කොටසින් චෙස් පුවරුව ගැන ව්ස්තර කරන්න යන්නේ...

ක්‍රිකට් ක්‍රිඩාවේ පිට්ටනියක් නැතිව සෙල්ලම් කරන්න බෑ වගේ තමා  චෙස් ක්‍රිඩාවේ දී චෙස් පුවරුව නැතිව සෙල්ලම් කරන්න බෑ. මට හිතෙන විදිහට ඔයලා බොහෝ දෙනෙක් චෙස් පුවරු දැකලා ඇති.. මොකෝ ගොඩක් කඩවල දැන් විකුණන්ට තියනවනේ..ඒ වගේම තමා "දාම් පුවරු" ඒවානම් බොහෝ තැන්වල දැකලා ඇති..
දැන් භාවිතා වෙන චෙස් පුවරුවක් තමා මේ තියෙන්නේ....



චෙස් පුවරුවක් ගත්තහම එකේ කොටු 64ක් තියනවා..කලු කොටු 32ක් හා සුදු කොටු 32ක්.මේ කොටු තුල තමා චෙස් ක්‍රිඩාවේ  සටන් කිරීමට තියෙන්නේ.මේ කොටු 64 තුල ඉත්තන් 32ක් දෙපිලටම ඉන්නවා..



ම්.. ඒක තමා මේක තරගයක්නේ.. අපි සරලව හිතුවොත් අපට චෙස් පුවරුවේ බොහෝ කොටු ප්‍රමාණයක් එක් ක්‍රිඩකයෙකුට අල්ලා ගන්න හැකිනම් හා අනෙක් පිලට තර්ජන වන ආකාරයට තමන්ගේ ඉත්තන් රදවන්න හැකිනම් එම තරගය දිනන්න එච්චර අපහසු නැහැ කියලා පෙනවා නේද??...

අපි චෙස් ක්‍රිඩා කරද්දි යොදාගන්නා සරල මූලධර්මයක් එක.. අපි තව කල් යද්දි ඒ ගැන සාකච්චා කරමු.

ඉතින් චෙස් පුවරුව ගත්විට එක නම් කරල තියනවා දකින්න පුලුවන්..පුවරුවේ තිරස් පැත්තට ඉංග්‍රිසි හොඩියෙනුත්, සිරස් අතට ඉලක්කම් වලිනුත් තමා නම් කරල තියෙන්නේ..




එහෙම සලකන කොට 1 හා 2 තිරස් පෝලිම් වල සුදු ඉත්තො සහ 7 හා 8 පෝලිම් වල කලු ඉත්ත්න් රදවනවා ඒක තමා සම්මත ක්‍රමය..

 මෙසේ නම් කිරිමට ප්‍රධාන හේතුව ,චෙස් තරගයක් සෙල්ලම් කරන විට අපි කරන ඇදීම් සටහන් කිරිම සිදුකරනවා.එහිදී මෙසේ පුවරුව නම් කිරිමෙන් ඉතා පහසුවෙන් අපට සටහන් කිරීම කලහැක. අපි ඉදිරියේ දී එවා හොදින් ඉගෙනගමු.


මම මේ කොටසින් කියපු විදිහට චෙස් පුවරුව ගැන සදහන් කලේ එය චෙස් ක්‍රිඩාවේ ඉතා වැදගත් නිසා..
අපි අනෙක් කොටසින් චෙස් පුවරුවේ ඉත්තන් ගැන ඉගෙනගමු....




Tuesday, February 1, 2011

චෙස් ක්‍රිඩාවේ ඉතිහාසය..

ඉතින් අපි චෙස් ගැන ඉගන ගන්න කලින් එකේ ඉතිහාසය දෑනගන්න එක කෝකටත් හොදයි නේ...

අපි ලංකාවේ කට්ට්ය නිසා රජවරු ගැන ඕනතරම් අහල තියනවනේ...මෙහෙ විතරක් නෙවෙ රජවරු ලොකේ හෑම රටකම වගේ ඉදලා තියනවා... ඉතින් එගොල්ලන් පුලුවන් තරම් තමන්ගේ රට විශාල කර ගන්න තමයි උත්සහ කලේ...ඉතින් එහෙම කරන්න එගොල්ලන්ට යුද්ධ කරන්න සිද්ද උනා. ඉතින් යුද්ධ කරන්න නිකන් බෑනේ.. එවට සැලසුම් හදන්න ඔනි...

ඉතින් සැලසුමක් නිර්මාණය කරද්දි.. ඒ ගොල්ලන් තමන්ගේ රටේ සිතියම කොටස් වලට බෙදලා ඒ එක එක කොටස තමන්ගේ සේනාපතිවරුන්ට පැවරුවා... දනුත් එහෙමනේ අපේ රට යුද්ධය දිනන්න කොච්චර  සේනාපතිවරු මහසිඋනාද නේ.. ඒ කාලෙත් එහෙමම ඈති..ඉතින් එහෙම කට්ටිය රදවනකොට පාබල,අශ්ව,රථ,ඈත් යන සේනාව යොදා ගත්තා.

ඉතින් එහෙම කට්ට්ටිය රදවන්න කලින් එගොල්ලන් සිතියමේ බෙදපු කොටස් වලට සේනාවට සමාන රුප හදාගෙන ඒවා නිවැරදි ස්ථානවල තබමින්, සෑලසුම් හදලා සේනාව ඒ ප්‍රදේශ වලට යවලා සටන් මෙහෙයුවා... ඔහොම තමා චෙස් ක්‍රිඩාව පටන් ගත්තා කියන්නේ ..
ඉතින් මේවා ළගදි උන දේවල්  නෙවේ..අවුරුදු 1500 විතර අතීතයක් මේ ක්‍රිඩාවට තියනවා..ඒ වගේම චෙස් ක්‍රිඩවේ ආරම්භය ඉන්දියාවේ කියලයි කියන්නේ..


මෙතන ඉන්න ඉත්තෝ ඒ කලේ රජවරු භාවිතාවට ගත්ත ඒවා තමා..  දැන්නම් චෙස් පුවරුවේ ඉන්න ඉත්තෝ මෙච්චර ලස්සන නෑ කියලයි මට හිතෙන්නේ .
ඉතින් මම මේ ඉතිහාසය ගැන මතක් කලේ ඕනෑම දෙයක ඉතිහාසය දැනගැනීම වඩා හොද නිසා..

අපි ඊළග කොටසේ චෙස් පුවරුව ගැන ඉගනගමු....

හැමෝටම චෙස් ක්‍රිඩාව

ආයුබෝවන් හැමෝටම  එහෙනම්. ඔන්න මාත් Blog එකක් ලියන්න ගත්තා.එත් මම ලියන්න හදන්නේ චෙස් ක්‍රිඩාව පිළිබදව.. මොකො අනෙක් අය වෙන දේවල් ගැන ලියනවනේ. ඉතින් සමහර අය චෙස් ගැන කියද්දි "එක මහ කම්මැලි එකක්" කියලනේ කියන්නේ.එත් චෙස් ඉගනගත් අය එහෙම කියන්නෙ නෑ.. මොකෝ ඒ ගොල්ලන් චෙස් ගෑන හොදට දන්න නිසා... ඉතින් ලංකාවේ චෙස් තාම එච්චර ජනප්‍රිය නෑ..එක ඈත්තනේ... ඉතින් මම හැමෝටම දෑනගන්නත් එක්ක සරලව චෙස් ගැන ලියනවා..ඔයාලට  කිසිම අපහසුවකින් තොරව හොද චෙස් ක්‍රිඩකයෙක් වෙන්න පුලුවන්.....