Friday, February 4, 2011

චෙස් පුවරුව...

ඉතින් මම කියුව විදිහට මේ කොටසින් චෙස් පුවරුව ගැන ව්ස්තර කරන්න යන්නේ...

ක්‍රිකට් ක්‍රිඩාවේ පිට්ටනියක් නැතිව සෙල්ලම් කරන්න බෑ වගේ තමා  චෙස් ක්‍රිඩාවේ දී චෙස් පුවරුව නැතිව සෙල්ලම් කරන්න බෑ. මට හිතෙන විදිහට ඔයලා බොහෝ දෙනෙක් චෙස් පුවරු දැකලා ඇති.. මොකෝ ගොඩක් කඩවල දැන් විකුණන්ට තියනවනේ..ඒ වගේම තමා "දාම් පුවරු" ඒවානම් බොහෝ තැන්වල දැකලා ඇති..
දැන් භාවිතා වෙන චෙස් පුවරුවක් තමා මේ තියෙන්නේ....



චෙස් පුවරුවක් ගත්තහම එකේ කොටු 64ක් තියනවා..කලු කොටු 32ක් හා සුදු කොටු 32ක්.මේ කොටු තුල තමා චෙස් ක්‍රිඩාවේ  සටන් කිරීමට තියෙන්නේ.මේ කොටු 64 තුල ඉත්තන් 32ක් දෙපිලටම ඉන්නවා..



ම්.. ඒක තමා මේක තරගයක්නේ.. අපි සරලව හිතුවොත් අපට චෙස් පුවරුවේ බොහෝ කොටු ප්‍රමාණයක් එක් ක්‍රිඩකයෙකුට අල්ලා ගන්න හැකිනම් හා අනෙක් පිලට තර්ජන වන ආකාරයට තමන්ගේ ඉත්තන් රදවන්න හැකිනම් එම තරගය දිනන්න එච්චර අපහසු නැහැ කියලා පෙනවා නේද??...

අපි චෙස් ක්‍රිඩා කරද්දි යොදාගන්නා සරල මූලධර්මයක් එක.. අපි තව කල් යද්දි ඒ ගැන සාකච්චා කරමු.

ඉතින් චෙස් පුවරුව ගත්විට එක නම් කරල තියනවා දකින්න පුලුවන්..පුවරුවේ තිරස් පැත්තට ඉංග්‍රිසි හොඩියෙනුත්, සිරස් අතට ඉලක්කම් වලිනුත් තමා නම් කරල තියෙන්නේ..




එහෙම සලකන කොට 1 හා 2 තිරස් පෝලිම් වල සුදු ඉත්තො සහ 7 හා 8 පෝලිම් වල කලු ඉත්ත්න් රදවනවා ඒක තමා සම්මත ක්‍රමය..

 මෙසේ නම් කිරිමට ප්‍රධාන හේතුව ,චෙස් තරගයක් සෙල්ලම් කරන විට අපි කරන ඇදීම් සටහන් කිරිම සිදුකරනවා.එහිදී මෙසේ පුවරුව නම් කිරිමෙන් ඉතා පහසුවෙන් අපට සටහන් කිරීම කලහැක. අපි ඉදිරියේ දී එවා හොදින් ඉගෙනගමු.


මම මේ කොටසින් කියපු විදිහට චෙස් පුවරුව ගැන සදහන් කලේ එය චෙස් ක්‍රිඩාවේ ඉතා වැදගත් නිසා..
අපි අනෙක් කොටසින් චෙස් පුවරුවේ ඉත්තන් ගැන ඉගෙනගමු....




No comments:

Post a Comment