Tuesday, February 1, 2011

චෙස් ක්‍රිඩාවේ ඉතිහාසය..

ඉතින් අපි චෙස් ගැන ඉගන ගන්න කලින් එකේ ඉතිහාසය දෑනගන්න එක කෝකටත් හොදයි නේ...

අපි ලංකාවේ කට්ට්ය නිසා රජවරු ගැන ඕනතරම් අහල තියනවනේ...මෙහෙ විතරක් නෙවෙ රජවරු ලොකේ හෑම රටකම වගේ ඉදලා තියනවා... ඉතින් එගොල්ලන් පුලුවන් තරම් තමන්ගේ රට විශාල කර ගන්න තමයි උත්සහ කලේ...ඉතින් එහෙම කරන්න එගොල්ලන්ට යුද්ධ කරන්න සිද්ද උනා. ඉතින් යුද්ධ කරන්න නිකන් බෑනේ.. එවට සැලසුම් හදන්න ඔනි...

ඉතින් සැලසුමක් නිර්මාණය කරද්දි.. ඒ ගොල්ලන් තමන්ගේ රටේ සිතියම කොටස් වලට බෙදලා ඒ එක එක කොටස තමන්ගේ සේනාපතිවරුන්ට පැවරුවා... දනුත් එහෙමනේ අපේ රට යුද්ධය දිනන්න කොච්චර  සේනාපතිවරු මහසිඋනාද නේ.. ඒ කාලෙත් එහෙමම ඈති..ඉතින් එහෙම කට්ටිය රදවනකොට පාබල,අශ්ව,රථ,ඈත් යන සේනාව යොදා ගත්තා.

ඉතින් එහෙම කට්ට්ටිය රදවන්න කලින් එගොල්ලන් සිතියමේ බෙදපු කොටස් වලට සේනාවට සමාන රුප හදාගෙන ඒවා නිවැරදි ස්ථානවල තබමින්, සෑලසුම් හදලා සේනාව ඒ ප්‍රදේශ වලට යවලා සටන් මෙහෙයුවා... ඔහොම තමා චෙස් ක්‍රිඩාව පටන් ගත්තා කියන්නේ ..
ඉතින් මේවා ළගදි උන දේවල්  නෙවේ..අවුරුදු 1500 විතර අතීතයක් මේ ක්‍රිඩාවට තියනවා..ඒ වගේම චෙස් ක්‍රිඩවේ ආරම්භය ඉන්දියාවේ කියලයි කියන්නේ..


මෙතන ඉන්න ඉත්තෝ ඒ කලේ රජවරු භාවිතාවට ගත්ත ඒවා තමා..  දැන්නම් චෙස් පුවරුවේ ඉන්න ඉත්තෝ මෙච්චර ලස්සන නෑ කියලයි මට හිතෙන්නේ .
ඉතින් මම මේ ඉතිහාසය ගැන මතක් කලේ ඕනෑම දෙයක ඉතිහාසය දැනගැනීම වඩා හොද නිසා..

අපි ඊළග කොටසේ චෙස් පුවරුව ගැන ඉගනගමු....

No comments:

Post a Comment