Tuesday, February 22, 2011

චෙස් පුවරුවක ඉත්තන්

ම්ම් හුග කලයකට පස්සේ තමා ලිපියක් ලියන්න පුලුවන් උනේ.. එකට කමක් නෑ අද මම
කියුව වාගේ ඉත්තන් ගැන කියල දෙන්න යන්නේ..


දැන් අපි දන්න ආකාරයට චෙස් පුවරුවක ඉත්තන් 32ක් ඉන්නවා උනාට ඉත්තෝ වර්ග ඉන්නේ 6ක් විතරයි.
සෙබළා(Pawn), රුක්(Rook), නයිට්(Knight) ,බිශොප්(Bishop), රජු(King), රැජින(Queen) යන කට්ටිය තමා..

 අපි එහෙනම්  එක එක ඉත්තන් පිළිබදව ඉගෙනගමු..

සෙබළා(Pawn)
  සෙබළා නැත්තම් " පෝන්" කියලා හදුන්වන මේ ඉත්තා චෙස් පුවරුවේ ඉන්න ඉතා වැදගත් කෙනෙක් තමා .. ඕනෑම පුවරුවක Pawn ලා 8ක්  එකපැත්තට ඉන්නවා .



 

ඉතින් මේ ඉත්තන් නියම ආකාරයට මෙහෙයවන්න තමා ටිකක් අමාරු.... අපි ඒ ගැන පස්සෙ කතා කරමු...

අපි සෙබළෙක් ගැන සලකන විට ,ගමන් මග ඉතා වැදගත් වෙනවා.අත්තෙන්ම සෙබළා අනික් ඉත්තන්ට වඩා ගමන් මග අමුතුයි . ඔහු සෑම අවස්ථාවකදීම ගමන් කරන්නේ ඉදිරියට පමණයි. 




ඉහත රුපයෙන් ඒ පිළිබදව හොද අවබෝධයක් ගන්න පුලුවනි.. අපි පෝන්වරයෙක් ඉදිරියට ගෙනයනවිට එක්කෝ කොටු 2ක් ඉදිරියට චලනය කරන්න පුලුවන් එහෙම නැත්තම් කොටු 1ක් විතරක් ඉස්සරහට ගන්න පුලුවන් හැබැයි මුලින්ම කොටු 1ක් ඇද්දොත් ආය කොටු 2ක් එකවර චලනය කරන්න බෑ...... ඒ වගේම තමා මුලින් කොටු 2ක් ඇද්දොත් එම ඉත්තාට ඉදිරියට යා හැක්කේ 1 කොටුව ගානේ තමා..

ඊට පස්සේ අපි සෙබළෙකුගෙන් අනික් ඉත්තන් කපන අකාරය බලමු

සමහරවිට ඔයගොල්ලන් දාම් සෙල්ලම් කරලා අති නමුත් අපි ඒ ආකාරයට ඉත්තන් කපන්නේ නෑ පහත රුපයෙන් ඒ ගැන හොදට බලාගන්න පුලුවනි


රුපයෙන් පෙනෙන ආකාරයට සෙබළාගේ දෙපසින් ඉන්න ඉත්තන් පමනක් කපන්න පුලුවනි..හබැයි එකවරකට කපන්න වෙන්නේ එක් ඉත්තෙක් පමණයි.
මම හිතනවා මෙම කොටසින් Pawn ගැන දැනුමක් ගත්ත කියලා... අපි අනික් කොටසින් රුක් පිලිබදව ඉගෙනගමු.

No comments:

Post a Comment